Saturday, September 21, 2013

පූර්වජන්ම අපූර්වය - සුනේත්‍රා රාජකරුණානායක

පොතෙන් උපුටා ගෙන අකුරු කිරීම කාලය නාස්තියක යැයි සිතෙන බැවින් පොතේ අදාල කොටස ඡායාරූප ගත කළෙමි.





මගේ අදහස නම්...
මෙම ග්‍රන්ථයේ ඉහත උපුටා දැවූවාක් බඳු කිසිඳු තාර්කික බවකින් හෝ විද්‍යාත්මක සනාථ කිරීම්වලින් හෝ තොර වූ කතා ගණනාවක් ඇතුලත්ය. මෝහනයෙන් නන්දෙඩවූ පුද්ගලයන් ගණනාවක් පිළිබඳ කතා එකතුවක් මගින් පුනර්භවය සනාථ කිරීමට ගත් නිශ්ඵල වෑයකි. පොත ඉතාම අපුලකින් කියවා අවසන් කළ අතර අවසානයේ මනසට ආවේ මෙවන් අදහසකි..... "අහෝ මුදල්!"


3 comments:

  1. එක එක මනොවිකාර පූසෝ.. වැඩේ තියෙන්නේ ඕවා බොරු කියලා ඔප්පු කරන්නත් බැහැ නෙව..

    මට නම් ඕවා තනිකර විහිලු.. ( මේ ලෝකේ සත්‍ය දේවලුත් ඇති. එවැනි සත්‍ය සිද්දීත් යට යනවා මේ වගේ දේවල් නිසා )

    ReplyDelete
    Replies
    1. නොපවතින දේක නැති බව සත්‍යාපනය පුළුවන් කමක් නෑ. ඒ නිසා කෙනෙක් යමක් ඇතැයි කියනවානම් ඒ තැනැත්තා ඒ බව මුලින් සනාථකර පෙන්විය යුතුයි. ඉතිං ලෝකේ කොහෙවත් තාම පුනර්භවය ඇත්තක් කියලා ඔප්පුකරලා නෑ. එතකොට ශාන් කියන එකත් හරි. අපි එහෙම දෙයක් නෑ කියන්නත් බෑ.

      මං මේ පොටෝ උපුටා ගත්තු කොටසම බලන්නකෝ. අරයා මෙහෙක කිව්වා කියලා ඇද බාලා තියෙන බොරු කොහොමද? අනික මේ පොත පුරාවටම තියෙන්නේ මෝහන කරපු අයෙගෙන් පුනර්භවය ඇති බව ඔප්පුකරන්න ගත්තු ලාමක උත්සාහයක්. මෝහනය කියන්නේ හොඳ මානසික ප්‍රතිකාර ක්‍රමයක්. ඒත් ඒකෙන් වෙන්නේ තමන්ගේ හිත ඇතුලේ තියෙන විකාර කියවීමක් මිසක් ඇත්තටම පෙර ආත්මයක් ගැන නෙමෙයි කියලා පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. අන්තර්ජාලයෙන් හෙව්වත් ඒ දේවල් ගැන බොහොමයක් දේ දැගනන්න පුළුවන්.

      Delete
    2. මමත් පොඩි කාලේ ත්‍රිකුණාමලයේ සිද්දියක් කියවලා තියෙනවලු . ආර්මි ට්‍රක් එහෙකින් යද්දී වැටිළලු මලේ .. තව තව විස්තර ගිරවා වගේ කියවලා තියෙනවා.. වැඩේ තියෙන්නේ එවැනි දේවල් TV කට්ටකින් වත් දැකලා තිබුණේ නැහැනේ ඒ කාලේ..


      මගේ පුද්ගලික අද්දැකීමක් තිබ්බට මම ඒක බදාගෙන ඉන්නේ නැහැ.. සත්‍ය උනත් කමක් නැහැ නැතත් කමක් නැහැ..ඇතැම් අය එහෙම ඉන්නේ නැති එකනේ මෙතන ගැටලුව.. ( එහෙම ඉන්න කියලා බල කරන්නත් බැහැ නෙව ) පොඩි දෙයක් අල්ලන් ලෝකේ පෙරළන්න යනවා..

      ______________________________________________________


      ඇත්තටම අපි දන්නේ නැහැ මෝහනය මගින් පෙර ආත්මයක්(එහෙම එකක් ඇත්නම් ) ගැන විස්තර හොයන්න පුලුවන්ද කියලා..ඇත්තටම එහෙම පුළුවන් නම් මාත් කැමතියි මගේ පෙර භවය ගැන දැනගන්න..:) කෙසේ උනත් මේවා මහ විකාර නේද ..? පූසා දන්න කියන හොඳ මෝහොන චිකිත්සක කෙනෙක් ඉන්නවා නම් මට කියන්නකෝ... silentsahan@gmail.com ස්කයිප් ඉන්නවද ..?

      Delete