Saturday, September 29, 2012
Saturday, September 15, 2012
සුළඟ වගේ ඇවිදින් - දිනේෂ් කොළඹගේ
මේ පොත කියවන්න ගත්තේ කීප දෙනෙක්ම හරිම ආසාවෙන් කියෙව්ව පොතක්ය කියලා තැන් තැන් වල ලියලා තියෙනවා දැකලා. කතාව කියවන්න ගත්තු ගමන්ට මට දැනුනේ හරිම අපුලක්. මේ පොත ලියලා තියෙන භාෂා විලාසයට මං පොඩ්ඩක්වත් කැමති නෑ. පිටු තුන හතරක් කියවලා නවත්තපු මම මේ පොත කලින් කියවපු කීප දෙනෙක්ගෙන් ඒ ගැන ඇහුවා. එයාලා පොත කියවලා තිබ්බේ ඉස්කෝලේ යන කාලේ. ඒ කාලෙනම් පොත බොක්කටම වැදුනලු. හැබැයි දැන් කියෙව්වොත් මොනවා හිතෙයිද දන්නෑ කියලා එක්කෙනෙක් කිව්වා. ඉස්කෝලේ යන කාලෙනම් හිතට වදින්න ගොඩක් ඉඩ තියෙනවා. මොකද මේ කතාවේ සමහර දේවල් පාසල් කාලේ අපි උනත් කරපුවා. අවසානයේ මං තීරණය කළා අමාරුවෙන් හරි පොත කියවලා ඉවර කරන්න. කියවගෙන යනකොට මං හිතන්නේ මම ඒ අපුලට හුරු වුනා. ඒත් කතාවේ ප්‍රධාන මාතෘකාව ගැන කිසිම පැහැදීමක් ඇති වුනේ නෑ.
"අම්මා කෙනෙක් පොඩි ළමයෙක්ට බත් කවනවා වගේ, අරුණි අක්කා මට අයිස්ක්‍රීම් කැව්වා"
පොතේ 122 පිටුවේ තියෙන මේ වාක්‍යයට මට හිනා ගිය තරමක්!
"අම්මා කෙනෙක් පොඩි ළමයෙක්ට බත් කවනවා වගේ, අරුණි අක්කා මට අයිස්ක්‍රීම් කැව්වා"
පොතේ 122 පිටුවේ තියෙන මේ වාක්‍යයට මට හිනා ගිය තරමක්!
මම මහා ලොකුවට පොත් බර තොගයක් කියවපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඉස්කෝලේ යන්න ගත්තු දවසේ ඉඳන්ම වගේ එක එක පොත් කියවලා තියෙනවා. ඒත් ඒ කිසිම දවසක මේ හොටු කතා මට අල්ලුවේ නෑ. සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතා වල පලවෙනි පිටු දෙක තුන විතරක් කියවලා නතර කරලා තියෙනවා කීප සැරයක්ම.
සුළඟ වගේ ඇවිදින් නවකතාව කියවලා ඉවර උනාම මට මතක් වුනේ මේ විදිහම තව එක නව කතාවක් මං කියවලා තියෙන බව. ඒ කිව්වේ පාසල් කාලයේ හට ගන්න පෙමක්. නොගැලපෙන දෙන්නෙක්ගෙ ආදරක්. අවසානය ශෝකාන්තයක්.(මට සාපේක්ෂව පට්ට බොළඳ නව කතාවක්) ඒ පොතේ නම මට මතක නෑ. නමුත් අකමැත්තෙන් උනත් ඒ පොත කියවන්න වෙච්ච සිද්ධිය මට ආයේ මතක් උනා. මතක් වෙච්චි වෙලේ මෙතනම ඒකත් ලියලා දාන්න හිතුනා.
ඒ අපි ඕලෙවල් ඉවර වෙලා රිසාල්ට් එනකම් ඉන්න කාලයයි. අපේ සංවාද සිද්ද වුණේ sms මාර්ගයෙන්.
"ඔයා මොකද කරන්නේ?" මම sms එකක් යැව්වා.
"පොතක් කියවනවා. ඒක හරිම බොළඳයි"
"පොතක් කියවනවා. ඒක හරිම බොළඳයි"
"මොකක්ද බොළඳයි කියන්නේ?"
"මේ මම කියවන පොත වගේ ඒවා තමයි බොළඳ නවකතා කියන්නේ"
"මම නම් ඒ වචනේ තේරුම දන්නෑ"
"මම ඔයාට දෙන්නම් මේ පොත කියවන්න. එතකොට තේරෙයි බොළඳ කියන වචනේ තේරුම."
"මේ මම කියවන පොත වගේ ඒවා තමයි බොළඳ නවකතා කියන්නේ"
"මම නම් ඒ වචනේ තේරුම දන්නෑ"
"මම ඔයාට දෙන්නම් මේ පොත කියවන්න. එතකොට තේරෙයි බොළඳ කියන වචනේ තේරුම."
මගේ ප්‍රථම ඒක පාර්ශවික ආදරය, ඇගෙයි මගෙයි මිත්‍රත්වය නැති කළේ ඒ මිත්‍රත්වය ආදරයක් බවට පෙරල ගන්න මං කරපු උත්සාහයයි. මීට සති කීපයකට උඩදී මට ඇයව මූණටම මුණ ගැහුනා බොරැල්ල හන්දියේදි. මමයි ඇයයි දෙන්නම අපි අපිව නොදැක්ක ගානට බිම බලාගෙන ගියා. මට දුකක්වත් සතුටක්වත් දැනුන්නෑ. දැන් කොච්චර කල්ද! මතකයන් විතරක් වෙලා. ඒ මතක වලට තව දුරටත් හැඟීම් අවුස්සන්න බෑ!
Monday, June 18, 2012
කෙටිකතාව ගැන...
අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය සඳහා කෙටිකතා සංග්‍රහය නමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත පොතක් අපේ ගෙදර තිබ්බා. මේ තියෙන්නේ පොතේ මුලම කෙටිකතාව පිළිබඳව තිබුණු හැඳින්වීම.
Thursday, May 31, 2012
ඇට මැස්සා
ලිපියේ අත්සනක් නොවීය. එහෙත් කුඩා කල ඔවුන් උගත් කවියක් ලිපියේ කෙළවර විය.
එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මී මැස්සෙක් මි.
එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මී මැස්සෙක් මි.
-පිටුව 423-
පොත - The Gadfly
ලිව්වේ - E.L Voynich
සිංහල පොත - ඇට මැස්සා
පරිවර්තනය කළේ - සුගතපාල ද සිල්වා
සිංහල පොත - ඇට මැස්සා
පරිවර්තනය කළේ - සුගතපාල ද සිල්වා
Thursday, May 24, 2012
බත්තලංගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන
විවාහය විහිළුවක් බව ඇත්තකි. ඒත් ඒ විහිළුවෙහි ගිලී යමින් ජීවිත කාලයේම ඉකිබිඳීමට මිනිසා තුල ඇත්තේ අප්‍රමාණ කැපවීමකි. ඉකි බිඳීම, සිනහව ලෙස තර්ක කරීම වරු ගණන් එක දිගට නොකා නොබී වුව කළ හැක්කකි. ප්‍රේමයේ ව්‍යාජ සර්පයා ලෝකය මැවූ දා සිටම හදවතේ වෙලී එයට ම දෂ්ඨ කරමින් සිටියේය. ප්‍රේමයේ නග්න බව වසා ගැන්මට අත්තික්කා කොළඅතු වලට නොහැකි බව ආදම්ට පසක් වන විට පෙරහැර ගොසිනි. ආදම් දත් ගගහා සිටි දැවැන්ත ඇපල් ගෙඩිය විසි කර දැමීය. ඒත් ඒදන් උයනෙන් ගලා ගිය ගංගා දියෙහි කිමිදී යළි මතු වී පාවෙමින් තිබිණ. පාවී ගලා ගිය ඇපලය උයනින් පිටතදී යුප්‍රටීස්, ටයිග්‍රීස්, පිෂොන් හෝ ගීහොන් යන ගංගාවන්ගෙන් කුමක් ඔස්සේ ඉදිරියට ගියේ දැයි කිසිවෙක් නොදනිති.
ඒත් මා කළ ගවේෂණ තුලින් එළැඹි ප්‍රධානතම නිගමන ත්‍රිත්වයකි. පෘථිවිය දරා උසුලන ඇපලෝ දෙවියන් ජනිත වූයේ එම ඇපල් ගෙඩියෙන් බව පළවැනි නිගමනයයි. දෙවැන්න ඇපලෝ යානය නිපදවූයේ ප්‍රේමයේ දුෂ්ඨ ධූරාවලියෙන් ඈත් වී අභ්‍යාවකාශ ගතවීමටයි. එහෙත් විශ්වය නවාතැන්පළක් කළ නොහෙනා බැවින් පෘථිවියෙහි ම ලැග ප්‍රේම කරන්නට සිදුවී තිබේ.ප්‍රේම ආතුරයන් හට, ප්‍රේම ආතුරයන්ගෙන්, ප්‍රේම ආතුරයන් කෙරෙන් ආදී ලෙස ජීවිතයේ ජීවිතේ විවිධ අවදීන් හි ඇතිවන අතුරු ආබාධ නිෂ්ඨාවටම සුව කිරීම උදෙසා ඇපලෝ රෝහල බිහිවී තිබේ. එය තුන්වැනි නිගමනයයි.
ඒත් මා කළ ගවේෂණ තුලින් එළැඹි ප්‍රධානතම නිගමන ත්‍රිත්වයකි. පෘථිවිය දරා උසුලන ඇපලෝ දෙවියන් ජනිත වූයේ එම ඇපල් ගෙඩියෙන් බව පළවැනි නිගමනයයි. දෙවැන්න ඇපලෝ යානය නිපදවූයේ ප්‍රේමයේ දුෂ්ඨ ධූරාවලියෙන් ඈත් වී අභ්‍යාවකාශ ගතවීමටයි. එහෙත් විශ්වය නවාතැන්පළක් කළ නොහෙනා බැවින් පෘථිවියෙහි ම ලැග ප්‍රේම කරන්නට සිදුවී තිබේ.ප්‍රේම ආතුරයන් හට, ප්‍රේම ආතුරයන්ගෙන්, ප්‍රේම ආතුරයන් කෙරෙන් ආදී ලෙස ජීවිතයේ ජීවිතේ විවිධ අවදීන් හි ඇතිවන අතුරු ආබාධ නිෂ්ඨාවටම සුව කිරීම උදෙසා ඇපලෝ රෝහල බිහිවී තිබේ. එය තුන්වැනි නිගමනයයි.
පිටු 18 - 19
Sunday, May 13, 2012
ගුරු ගීතය - චිංගිස් අයිත්මාතව්
කඳුවල මෙවැනි උල්පත් පැන නගී. ඒ වටා අඩිපාරවල් ඇතිවේ. මිනිස්සු අඩිපාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබාගනිති. එහෙත් පුළුල් මාර්ග ඇතිවූ පසු අර අඩිපාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නේ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මගින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසිකෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රණීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුළින් තමාද හිරු සහ අහසද කඳුවැටිද පෙනෙන්නාසේය... එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් ලෙස ගණන් ගන්නා අර මිනිසා සිය සගයන්ටද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.
එදිනෙදා ජිවිතයේ මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය.
එදිනෙදා ජිවිතයේ මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය.
පිටු 82-83
රුසියානු පොත - Der erste Lehrer
ලිව්වේ - Chingiz Aitmatov
සිංහල පොත - ගුරු ගීතය
පරිවර්තනය කළේ - දැදිගම වී. රුද්‍රිගු
සිංහල පොත - ගුරු ගීතය
පරිවර්තනය කළේ - දැදිගම වී. රුද්‍රිගු
Saturday, May 12, 2012
දෙවියෝ සහ භූතයෝ - ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර්
සිතන්නා මියගිය කල්හි ද සිතුවිලි පවතී ය යි කීම පුද්ගලයෙකු මිය යාමට ටික වෙලාවකට පෙර වයින් කරන ලද ඔරලෝසුවක් තවමත් දුවන නිසා ඔහුගේ පණ තවමත් පවතී ය යි කීම වැනි විහිළුවකි. මළ ඇඳේ දී කෙනෙකු කළ කතා බහ පටිගත කොට දැනුදු ඇසිය හැකි නමුදු ඔහුගේ ජීවිතය නොනැසී පවතේ යැ යි කීම අර්ථ ශූන්‍ය අදහසකි.
මස්තිස්කයෙන් තොරම මනසක් පැවතිය හැකිනම් එය නැවත උපදිනු ලැබිය හැකි නම් පෘථිවිය මත ජීවීන් බිහිවීමට පෙර මේවා තිබුණේ කොහේ ද? සිතන්නෙකුගෙන් තොරව සිතුවිල්ලක් තිබිය හැකි ද? මතක තබාගන්නෙකු නොමැතිව මතකයක් පැවතිය හැකි ද? පුද්ගලයෙකුගෙන් තොරව විඥානයක් තිබිය හැකි ද?
ඉන්ධනයකින් තොරව ගින්නක් තිබිය නොහැක්කා සේ ශරීරයකින් තොරව ජීවයක් හෝ ස්මරණයක් තිබිය නොහැකිය. මරණයෙන් ජීවිතය හා මනස අවසන් වෙයි.
ජීවිතය හා මනස, ශරීරය මිය යාමට පසුත් පැවතිය නොහැකි බැවින් සදාතනික ජීවිතයක් ගැන කතා කිරීම සම්පප්‍රලාපයකි. සදාතනික ආත්මය යන අදහස ද මීට වෙනස් නොවේ. මේ සත්‍ය දැන් සිටි ගෞතම බුදුන් සියවස් විසි පහකට ඈත අනාත්ම ධර්මය දේශනා කළහ.
ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි.
-පිටුව 81-
පොත - Gods, Demon and Spirits
ලිව්වේ - Dr. Abraham Kovoor
සිංහල පොත - දෙවියෝ සහ භූතයෝ
පරිවර්තනය කළේ -එච්. එස්. ධර්මපාල සේනාරත්න
සිංහල පොත - දෙවියෝ සහ භූතයෝ
පරිවර්තනය කළේ -එච්. එස්. ධර්මපාල සේනාරත්න
Sunday, April 29, 2012
බිත්ති හතර - සුගතපාල ද සිල්වා
"ජීවිතය ශූන්‍ය දෙයකි. මිනිසා ශූන්‍ය තාවයට බැඳ තබන්නේ රාගයයි. ආලය එයටම තවත් ලස්සන වචනයක්
පමණය."
"ගැහැනියකගේ දෙ නෙත තුළින් ඇගේ හදවතට එබිය යුතුය. ලෝකයේ සුන්දරත්වය රැඳි තිබෙන්නේ එතැන ය."
පමණය."
"ගැහැනියකගේ දෙ නෙත තුළින් ඇගේ හදවතට එබිය යුතුය. ලෝකයේ සුන්දරත්වය රැඳි තිබෙන්නේ එතැන ය."
පිටු 28-29
සිරගත කුමරිය - පරිවර්තනය අනුල ද සිල්වා
කතාව කියවාගෙන ගිය අතර තුර මෙන්ම කතාව කියවා අවසන් මේ මොහොතේ පවා මට සිතෙන්නේ වසර 20ක් වැනි දීර්ඝ කාලයක් හරි හමන් කෑමක් බීමකුදු නොමැතිව අසනීපයකදී බෙහෙතක් පවා නැතිව අඩුම තරමේ ඉර එළිය දකින්නට පවා වරම් නොමැතිව තරුණ කාලය සිරකුටියක ගෙවා දැමූ මලිකා අව්ෆර් ඇතුලු පිරිස මෝඩයින් බවයි.
නමුත් පොත කියවූ ඔබට ඇය වීරවරියක් යැයි සිතුනාද? එසේනම් මා ඔබෙන් විමසන එකම පැනය "ඔබත් ඈ මෙන් සිරගත වී ඔබේ තරුණ කාලය ගෙවා දැමීමට කැමතිද?"
මලිකා අව්ෆර් සිටි තැන මා සිටියානම් අනේකවිද ව්ධ වේදනා විඳිමින් අවුරුදු 20 සිරකුටියක ජීවත් වීමේ මෝඩ තීරණය වෙනුවට සියදිවි නසා ගැනීමේ සරල විසඳුමට පෙළඹෙනු නොඅනුමානය.
පොත - La Prisonniere
ලිව්වේ - Malika Oufkir and Michele Fitoussi
සිංහල පොත - සිරගත කුමරිය
පරිවර්තනය කළේ - අනුල ද සිල්වා
නමුත් පොත කියවූ ඔබට ඇය වීරවරියක් යැයි සිතුනාද? එසේනම් මා ඔබෙන් විමසන එකම පැනය "ඔබත් ඈ මෙන් සිරගත වී ඔබේ තරුණ කාලය ගෙවා දැමීමට කැමතිද?"
මලිකා අව්ෆර් සිටි තැන මා සිටියානම් අනේකවිද ව්ධ වේදනා විඳිමින් අවුරුදු 20 සිරකුටියක ජීවත් වීමේ මෝඩ තීරණය වෙනුවට සියදිවි නසා ගැනීමේ සරල විසඳුමට පෙළඹෙනු නොඅනුමානය.
පොත - La Prisonniere
ලිව්වේ - Malika Oufkir and Michele Fitoussi
සිංහල පොත - සිරගත කුමරිය
පරිවර්තනය කළේ - අනුල ද සිල්වා
Tuesday, April 24, 2012
ශීතා - මාර්ටින් වික්‍රමසිංහ
අනුකම්පාවට භාජනය වියයුතු තැනැත්තා ඉදිරියෙහි නැතිකල ළතෙත් වූවෙකු තුළවූවත් අනුකම්පාවක් පහළ වන්නේ ඉතා කලාතුරෙකිනි. මෙය නිසග මිනිස් ගතියකි.
-පිටුව 45-
Subscribe to:
Posts (Atom)
