Thursday, May 30, 2013

අරණකට පෙම් බැඳ

කිසිවෙකුට පවුල් පන්සල් වී තැන්පන් වීමට අවශ්‍ය නම් ස්වභාව ධර්මයේ ස්වරූප නොදකින එක වඩා හොඳය. ස්වභාව ධර්මයේ මෝහනය වූ මායාකාරී බව මිනිසා තම නිවසින් ඉවත් කිරීමට සමත් වෙයි. එය ඔහු උදාසීන, හුදකලා, විරාගී, ඉබාගාතේ යන කෙනෙකු බවට පත් කරවයි. හැරී ජෝන්ස්ටෝන්, මර්කෝ-පෝලෝ, හඩ්සන්, ෂැකල්ටන් වැන්නෙකු බවට ඔහු පත් කරවයි. සොබා දහම් රැජිනිය එවැන්නෙකුට පවුල් පන්සල් වී සිටින්නට ඉඩ නොදෙයි. වරක් සොබා දහම් රැජිනියගේ ඇමතුම අසා ඇගේ නිරාවරණය වූ රූපය පත්‍යක්ශ වශයෙන් දුටු කෙනෙකුට නිවසට කොටු වී පවුල් ජීවිතයක් ගත කිරීම කළ නොහැක්කකි.

-පිටුව 108-



මගේ සටහන

අරණකට පෙම් බැඳ පොත කියවා ස්වල්ප මොහොතක් ගෙවී ඇත. තවමත් මගේ කරගත් සත්‍යවරණ ගේ අරණ හැර යාමේ ශෝකය සියුම්ව මා හදවත රිදවයි. කලා කෘතියක්, අජීවී චරිතයක  හැඟිම් අපේ හැඟීම් බවට පත් කරන්නේ නම් එය විශිෂ්ඨ කලා කෘතියක් හැරෙන්නට අන් කවරක්ද?

නාගරික පරිසරයක ඉපිද නාගරික පරිසරයකම හැදීවැඩී නාගරික පරිසරයකම ජීවත්වන මා හට පොතේ විස්තර කෙරෙන වනාන්තරය දකින්නට ඇත්නම්, විඳින්නට ඇත්නම් යැයි නොසිතුනා නොවේ. වනාන්තරයක් කී විගස මා හට මතක් වන්නේ සිංහරාජය සහ ඒ අවට කැළෑරොදවල් ය. මා කීප විටක් ඒවාට ගිය නිසා එසේ වනවා ඇත. නමුත් එම එකඳු විටකවත් විවේකීව ඒ සුන්දරත්වය වින්දා දැයි මට මතක නැත. සිංහරාජයේ අඩියක් අඩියක් පාසා කකුලට ගොඩ වෙන කූඩැල්ලන් එම නිදහස උදුරා ගනියි.

අරණකට පෙම් බැඳ කෘතිය කියවා යන අතරතුර විටෙක මා ජීවත්වන නාගරික පරිසරය පිළිබඳ කණගාටුවක් ඇති කෙරෙව්වේ ය. නගරයේ නැති සුන්දරත්වයක් වනයේ මවා පෙන්වී ය. එවිට වනයේ ජීවත් වීමේදී ඇතිවෙන දුශ්කරතා මට නොපෙනී ගියේ ය. වනයේ පමණක් නොව නගරයේ සුන්දරත්වය වුව විඳින්නට හැකි බව මට මතක් කළේ මෙම ලිපිය යි

මෙම පොතේ ඇති වනයේ අලංකාරයවත් බව රැගත් කොටස් වලට වඩා මා සිත් ගත්තේ දුප්පත් මනුෂ්‍යයන්ගේ හැසිරීම්, ජීවන රටාවන් ඇති කොටස් වලටය.

෴෴෴



"මෙච්චර දෙහි පැළ මොකටද ගිරිධාරි ලාල්?"

"සර් ඕවා සරුවත් හදන දෙහි. මං ඒවා බොන්න හරි ආසයි. සීනි, සූකිරි එහෙම අපිට ලැබෙන්නේ නෑ. සරුවත් වලට පැණි දාලා ගත්තම හරි අපූරුයි."

බලාපොරොත්තුවේ ආලෝකයෙන් ගිරිධාරි ලාල්ගේ දෑස්  දීප්තිමත් වී ඇති බව මම දුටුවෙමි. 

"හුඟ දවසක ඉඳලා මං හිතාගෙන හිටියේ වගා කරන්න තැනක් ලැබුණොත් ඔය ජාතියේ දෙහි පැල ටිකක් හිටවන්න ඕනේ කියලා. අනුන්ගේ දෙහි ඉල්ලන්න ගිහින් මං කී පාරක් බැණුම් අහලා තියෙනවද? මීට පස්සේ නම් කාගෙන්වත් බැණුම් අහන්න වෙන්නේ නෑ."

-පිටු 260, 261-



ප .ලි : අරණකට පෙම් බැඳ පොත මා මීට පෙර කියවා ඇතැයි මට සිතුණි.




පොත - ආරණ්‍යක්
ලිව්වේ - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය
සිංහල පොත - අරණකට පෙම් බැඳ
පරිවර්තනය කළේ - චින්තා ලක්ෂ්මී සිංහආරච්චි

4 comments:

  1. ඇයි යුගල ප්‍රසාද්ගෙ මල් හිටුවීම ගැනත් කියන්න

    ReplyDelete
    Replies
    1. වනාන්තරය සුන්දර කරන්න තමන්ගේ ශ්‍රමය කාලය කැප කර මල් සිටවන්න පුද්ගලයෙකුට සිතීම ම කොච්චර පුදුමයක්ද! :)

      ඊටත් වඩා පුදුමයක් නොවැ ඔබතුමා මේ බ්ලොග් අඩවිය සොයා ගැනීම! කොහොමද හැබෑට හම්බඋනේ?

      Delete
  2. චින්තා ලක්ෂ්මී ගේ පොත් ගොඩක් හොදයි.

    ReplyDelete
  3. මම මේක කියවපු වාර ගාන මතකත් නෑ..ඒත් ඇතිවෙන්නෙත් නෑ...ඒ තරමටම රසවත්...මේ පොත කෙලින්ම වංග බසින් පරිවර්තනය කරල තියෙන එකක්... මා ගාව මේකේ ෆයිල් එකත් තියෙනවා...

    ReplyDelete