"ඇයි මාධවයි ඔයයි විවාහ උනේ නැත්තේ?" මා එය ඇසූ විට ඇය වේදනාවෙන් හැකිළී ගියා ය.
"මං කොයිතරම් නං ඒකට හීන මවන්න ඇද්ද කියලා දන්නෙ මං විතරයි." දිගු සුසුම් හඬක් සමඟ කී ඈ මොහොතක් නිහඬ වූවා ය.
"මං කොයිතරම් නං ඒකට හීන මවන්න ඇද්ද කියලා දන්නෙ මං විතරයි." දිගු සුසුම් හඬක් සමඟ කී ඈ මොහොතක් නිහඬ වූවා ය.
"කී වාරයක් මං ඒක එයාට කියන්න ඇද්ද? එයා හැම දාම කිව්වේ එක දෙයයි. 'කොයි තරම් ආදරේ වුණත් තවත් නිදහස් කෙනෙක් අරගෙන කූඩුවකට රිංගල ඉබි යතුරු දාගන්න මං කැමති නෑ බබී. මම ගඟක්. මම දිගටම ගඟක් වගේ ගලන්නං. ඔයත් ගඟක් වෙන්න. ඔයත් ගඟක් වගේ ගලාගෙන යන්න. ඒ ගංගා දෙක එකට හාමු කරගන්න ඕන නෑ' එයා කවදාවත් විවාහයක් ගැන හිතන්නෑ කියල මං අන්තිමට තේරුම් ගත්ත"
-පිටුව 120-
මගේ අදහස....
මට සාපේක්ෂව අපූරු කෙටිකතා එකතුවකි. ලාංකීය සමාජයේ සංස්කෘතියට හා සභ්‍යත්වයට එපිටින් යන සමහරක් ස්ත්‍රි, පුරුෂ සංකීර්ණ මනෝභාවයන් පිළිබඳවද, රටේ වත්මන් සමාජීය හා දේශපාලනික වටපිටාව ගැනද මේහි කෙටිකතා වලින් අපූරුවට විග්‍රහ කොට ඇති බව මගේ හැඟීම ය.

තවද පොතේ පෙරවදනේ ඇල අකුරු වලින් ලියා ඇති කොටස සැබවින්ම පෙරවදනක් නොව, පසුවදනක් බව මගේ අදහසයි. පොතක් අතට ගත් විට හමුවන පළමුවන අකුරේ සිට කියවීමේ ඇබ්බැහියකින් පෙළෙන මා පළමුව පෙරවදන කියවූ විට එහි ඇල අකුරු වලින් මුද්‍රිත කොටස හරියාකාරව තේරුම් ගැනීමට නොහැකි විය. නමුත් පොත සම්පූර්ණයෙන් කියවා අවසන් කොට පෙර කී ඇල අකුරු සහිත කොටස නැවත කියවූ විට අදාල කාරණා මැනෙවින් අව්බෝධ විය.