Thursday, May 24, 2012

බත්තලංගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන

විවාහය විහිළුවක් බව ඇත්තකි. ඒත් ඒ විහිළුවෙහි ගිලී යමින් ජීවිත කාලයේම ඉකිබිඳීමට මිනිසා තුල ඇත්තේ අප්‍රමාණ කැපවීමකි. ඉකි බිඳීම, සිනහව ලෙස තර්ක කරීම වරු ගණන් එක දිගට නොකා නොබී වුව කළ හැක්කකි. ප්‍රේමයේ ව්‍යාජ සර්පයා ලෝකය මැවූ දා සිටම හදවතේ වෙලී එයට ම දෂ්ඨ කරමින් සිටියේය. ප්‍රේමයේ නග්න බව වසා ගැන්මට අත්තික්කා කොළඅතු වලට නොහැකි බව ආදම්ට පසක් වන විට පෙරහැර ගොසිනි. ආදම් දත් ගගහා සිටි දැවැන්ත ඇපල් ගෙඩිය විසි කර දැමීය. ඒත් ඒදන් උයනෙන් ගලා ගිය ගංගා දියෙහි කිමිදී යළි මතු වී පාවෙමින් තිබිණ. පාවී ගලා ගිය ඇපලය උයනින් පිටතදී යුප්‍රටීස්, ටයිග්‍රීස්, පිෂොන් හෝ ගීහොන් යන ගංගාවන්ගෙන් කුමක් ඔස්සේ ඉදිරියට ගියේ දැයි කිසිවෙක් නොදනිති.

ඒත් මා කළ ගවේෂණ තුලින් එළැඹි ප්‍රධානතම නිගමන ත්‍රිත්වයකි. පෘථිවිය දරා උසුලන ඇපලෝ දෙවියන් ජනිත වූයේ එම ඇපල් ගෙඩියෙන් බව පළවැනි නිගමනයයි. දෙවැන්න ඇපලෝ යානය නිපදවූයේ ප්‍රේමයේ දුෂ්ඨ ධූරාවලියෙන් ඈත් වී අභ්‍යාවකාශ ගතවීමටයි. එහෙත් විශ්වය නවාතැන්පළක් කළ නොහෙනා බැවින් පෘථිවියෙහි ම ලැග ප්‍රේම කරන්නට සිදුවී තිබේ.ප්‍රේම ආතුරයන් හට, ප්‍රේම ආතුරයන්ගෙන්, ප්‍රේම ආතුරයන් කෙරෙන් ආදී ලෙස ජීවිතයේ ජීවිතේ විවිධ අවදීන් හි ඇතිවන අතුරු ආබාධ නිෂ්ඨාවටම සුව කිරීම උදෙසා ඇපලෝ රෝහල බිහිවී තිබේ. එය තුන්වැනි නිගමනයයි.


 
 පිටු 18 - 19

4 comments:

  1. සිරා කොන්සෙප්ට් එක මචන්..,
    මරේ මරු අයිඩියාව..!

    ReplyDelete
    Replies
    1. මගේ මතකය පට්ට දුර්වලයි ලිශන් අයියේ. සමහර පොත් වල බාගයක් විතර කියවං යනකොට තමයි මතක්වෙන්නේ "මං මේක කලිං කියෙව්වනේ" කියලා. ඒකට විසඳූමක් වෙයි කියලා හිතලයි මේක පටං ගත්තේ! :)

      Delete
  2. හ්ම්.. මමත් ඉස්සර පොත් කියවන කොට මට හිතට වදින වාක්‍ය කෑලි යටින් ඉරි ඇන්ද. ආයිත් දවසක ඒ පොතේ පිටු පෙරලනකොට හයිලයිට් කරපු ටික දැක්කම, හුඟක් වෙලාවට මුළු කතාවම මතක්කර ගන්න පුළුවන්. ඒත් ඉතිං පොත සවුත්තුවෙන නිසා මම දැන්නම් ඒ වැඩේ කරන්නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ වැඩේනම් ඒ තරම් හොඳ වැඩක් නෙමේ නේන්නම්!

      Delete